කෘෂිකාර්මික නීතිය ක්‍රියාවට නැංවීමේ තත්ත්වය පිළිබඳ වාර්තාව නිකුත් කෙරේ
2024-09-10 19:02:26
Share with:

කෘෂිකාර්මික නීතිය ක්‍රියාවට නැංවීමේ තත්ත්වය පිළිබඳ චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ නීති බලාත්මක කිරීම හා පරීක්ෂා කිරීමේ කණ්ඩායමේ වාර්තාව අද(10) චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුව වෙත ඉදිරිපත් කර ඇත. එම වාර්තාවට අනුව 2023 වසරේ අග දක්වා චීනය පුරා උසස් මට්ටමේ ගොවිබිම් භූමි ප්‍රමාණය අක්කර මිලියන 164 ඉක්මවා ගොස් තිබේ. ඒ අතරින් ආහාර නිෂ්පාදන කරන ප්‍රධාන පළාත් 13 තුළ උසස් මට්ටමේ ගොවිබිම් භූමි ප්‍රමාණය සමස්ත අගයෙන් සියයට 70ක් බව සඳහන් විය. චීන මධ්‍යම රජයේ මූල්‍ය ප්‍රතිපත්තිය යටතේ සෑම ගොවිබිම් අක්කරයකට දීමනා ප්‍රමිතිය චීන යුවාන් 12000කට අධික ය. Jiangsu, Chongqing හා Sichuan යනාදී පළාත්වල එම දීමනාව චීන යුවාන් 18000කට වැඩි බව ද ප්‍රකාශ කෙරිණ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම