මානව හිමිකම්වලට “අධ්‍යාපනය” අතිශයෙන් වැදගත් වන බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා ප්‍රකාශ කරයි.
ඔහු එසේ ප්‍රකාශ කළේ ඊයේට(9) යෙදුණු ‘ප්‍රහාරවලින් අධ්‍යාපනය නිදහස්වීම තහවුරු කිරීමේ ජාත්‍යන්තර දිනය’ නිමිති කර ගෙන දේශනයක් සිදු කරමිනි. ගාසා තීරය ඇතුළු ලොව විවිධ ස්ථානවල ගුරුවරුන්ට, සිසුන් හා අධ්‍යාපන කාර්ය මණ්ඩලයන් වෙත මෙන්ම එම විද්‍යාලවලට එරෙහි ප්‍රහාර දැඩිව ඉහළ ගොස් තිබෙන බවත් දරුවන් හා තරුණයන්ට තක්සේරු කළ නොහැකි බලපෑම් එල්ල වූ බවත් ඔහු කීය.
අධ්‍යයන ස්ථාන, සිසුන් හා ගුරුවරුන් ආරක්ෂා කිරීමට සියළු රටවල් හා ප්‍රදේශ මුළුමනින් උත්සාහ කළ යුතු බවත් අධ්‍යාපනය ප්‍රහාරවලින් නිදහස් වීම හා ලෝක වාසී දරුවන් මෙන්ම තරුණයින්ගේ අධ්‍යාපනය ලබා ගැනීමේ අයිතිය සහතික කළ යුතු බවත් ඔහු පැවසීය.