ශක්තිමත් රාජ්‍යයක් ගොඩනැගීම වෙනුවෙන් වූ මාර්ගය තරුණ පරපුරට සකස් කර දෙන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්
2024-09-10 16:17:33
Share with:
නව තරුණ පරපුර සමාජයට සම්බන්ධ කර ගනිමින් රට ගොඩනැගීමේ වගකීම භාරගත හැකි පිරිසක් බවට පත් කිරීම තම අරමුණ බවත්, එවිට තමන්ට අවශ්‍ය සමාජය තමන්ටම නිර්මාණය කර ගැනීමට මෙරට තරුණ තරුණියන්ට අවස්ථාව උදාවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ලොව අනෙක් රටවල් මෙන් රටේ අනාගතය නිර්මාණය කර ගැනීමේ අවස්ථාව තරුණ පරපුරට ලබාදිය යුතු බවත්, ඒ වෙනුවෙන් වූ මාර්ගය තමා සකසා දෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (09) කොළඹ දී පැවති තරුණ හමුවේදී යොමු වූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.