ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් වාර්තාවට යුරෝපා සංගමයේ සහාය
2024-09-10 16:18:58
Share with:

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපත් කර ඇති වාර්තාව පිළිගන්නා බව යුරෝපා සංගමය පවසයි. යුරෝපා සංගමය ඒ සම්බන්ධයෙන් සිය ස්ථාවරය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඊයේ (09) දැනුම් දී ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වන සැසිවාරය ස්විස්ටර්ලන්තයේ ජිනීවා හි දී ඊයේ ආරම්භ විය. එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය සකස් කරන ලද වාර්තාව පිළිබඳව සාකච්ඡා කර තිබේ. අදාළ වාර්තාව මගින් පෙන්වා දී ඇති කරුණු පිළිගන්නා අතර ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය පිළිබඳ දැඩි අවදානයෙන් පසුවන බව යුරෝපා සංගමය එහිදී ප්‍රකාශ කර ඇත.

 

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම