උතුරු කොරියාව පිහිටුවීමේ 76 වැනි සංවත්සරයට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2024-09-09 09:00:37
Share with:

උතුරු කොරියාව පිහිටුවීමේ 76 වැනි සංවත්සරයට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සුබ ප්‍රාර්ථනා කරයි. උතුරු කොරියානු නායක Kim Jong-un මහතා වෙත එම පණිවිඩය අද (9) යොමු කර ඇත.

ගත වූ වසර 76 ක කාලය තුළ, උතුරු කොරියානු කම්කරු පක්ෂයේ නායකත්වය යටතේ ජනතාව රටේ විවිධ ව්‍යාපාර ප්‍රවර්ධනය සඳහා එක්සත් ව ක්‍රියා කර ඇති බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය. Kim Jong-un මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කම්කරු පක්ෂයේ මගපෙන්වීම යටතේ, උතුරු කොරියානු මාදිලියේ සමාජවාදය සංවර්ධනය කිරී‍මේ ගමනේදී එරට ජනතාවට නිසැකව ම නව සහ විශිෂ්ට ජයග්‍රහණ ලබා ගැනීමට හැකි වනු ඇතැයි ද ඔහු විශ්වාසය පළකළේය.

අසල්වැසියන් වන චීනය සහ උතුරු කොරියාව අතර පවතින සාම්ප්‍රදායික මිත්‍රත්වය කාලානුරූපව වඩා ශක්තිමත් වෙමින් පවතී. එසේම, නව යුගය සහ නව වාතාවරණය හමුවේ, දෙරට සබඳතාව උපායමාර්ගික මට්ටමකින් සැලකිල්ලට ගැනේ. එහිදී දෙරට අතර උපායමාර්ගික සන්නිවේදනය පුළුල් කිරීමට මෙන්ම සාම්ප්‍රදායික මිත්‍ර සහයෝගී සබඳතාව තවදුරටත් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව ද චීන ජනාධිපතිවරයා පෙන්වා දී ඇත. සමාජවාදය එක්ව ප්‍රවර්ධනය කිරීම හා දෙරට ජනතාවට වඩාත් ඉහළ ප්‍රතිලාභ රැගෙන ඒම චීනයේ අපේක්ෂාවයි. කලාපීය හා ලෝක සාමය සහතික කිරීම සහ ස්ථාවරත්වය, සංවර්ධනය හා සමෘද්ධිය උදෙසා එක්සත්ව, ඉහළ දායකත්වයක් ලබා දීමට ද චීනය සූදානම් බව ෂී ජින් පිං මහතා තම සුබ පැතුම් පණිවිඩයෙන් අවධාරණය කරයි.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම