චීන මහජන විමුක්ති හමුදාව පාරිසරික ආරක්ෂණ කටයුතු පිළිබඳ රෙගුලාසි මාලාවක් ප්‍රකාශයට පත්කිරීම සඳහා අදාළ නියෝගයකට අත්සන් තැබේ. චීන මධ්‍යම හමුදා කොමිසමේ සභාපති, ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ (8) එම නියෝගයට අත්සන් තැබීය.
හරිත හමුදා කඳවුරු ගොඩනැගීමේ මෙහෙයුම් පද්ධතිය ප්‍රතිසංස්කරණය, කාර්ය පටිපාටි වැඩිදියුණු කිරීම සහ අදාළ යාන්ත්‍රණයන් හි ප්‍රමිතිකරණය මෙම නව රෙගුලාසිවලට ඇතුළත් ය.
රටේ ජාතික ප්‍රතිපත්ති හා රෙගුලාසිවලට අනුකූලව චීන මහජන විමුක්ති හමුදාව වෙත පැවරෙන පාරිසරික ආරක්ෂණ කාර්යයේ අරමුණු සහ ක්‍රියාමාර්ග එහිදී පැහැදිලිව නිර්වචනය කර ඇත. පාරිසරික ආරක්ෂාව සහතික කිරීම සඳහා ක්‍රියාවට නැංවිය යුතු හමුදා ක්‍රියාකාරකම්, ඊට අදාළ පහසුකම් සහ උපකරණ සම්බන්ධයෙන් ද සවිස්තරාත්මක කොන්දේසි නව රෙගුලාසි මාලාවේ දක්වා තිබේ.
පරිච්ඡේද 6 ක අන්තර්ගත ලිපි 50 කින් සමන්විත මෙම රෙගුලාසි මාලාව ලබන ඔක්තෝබර් පළමුවැනිදා සිට බලපැවැත්වේ.