චීන විදේශ අමාත්‍යවරයා එළඹෙන බ්‍රික්ස් රටවල ආරක්ෂක කටයුතු පිළිබඳ නියෝජිත සමුළුවට
2024-09-09 19:37:41
Share with:
චීන විදේශ ඇමති වං යී මහතා 14වැනි බ්‍රික්ස් රටවල ඉහළ පෙළේ ආරක්ෂක කටයුතු පිළිබඳ නියෝජිතයින්ගේ සමුළුවට එක් වීමට නියමිත ය. ඒ, රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක මණ්ඩල ලේකම්වරයාගේ ආරාධනාවකට අනුවයි. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මෞ නිං මහත්මිය අද (9) මේ බව ප්‍රකාශ කළා ය. එම සමුළුව එළඹෙන 11 සහ 12 යන දෙදින රුසියාවේ Saint Petersburg හි පැවැත්වීමට නියමිත ය.