චීන විදේශ අමාත්‍යංශය ෂැන්හයි සහයෝගතා සංවිධානයේ වාරික සභාපතිත්වය පිළිබඳ තොරතුරු හෙලි කරයි
2024-09-09 15:00:49
Share with:

 චීනය ෂැන්හයි සහයෝගතා සංවිධානයේ වාරික සභාපතිත්වය භාර ගැනීම පිළිබඳව චීන විදේශ අමාත්‍යංශය අද(9) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අදාළ තොරතුරු විස්තර කළේය.

ෂැන්හයි සහයෝගතා සංවිධානයේ සාමාජික රටවල කෘත්‍යාධිකාරි මණ්ඩලයේ 25වන රැස්වීම ලබන වසරේ චීනයේ දී පැවැත්වීමට නියමිත බව චීන උප විදේශ ඇමති Sun Weidong මහතා එහිදී පැවසීය. ලෝක තිරසර සාමය හා පොදු සමෘද්ධියට සක්‍රිය දායකත්වය ලබා දීම සඳහා, සංවිධානයේ වාරික සභාපති රට වශයෙන් සෙසු සාමාජික රටවල් සමග එක්ව මූලික පරමාදර්ශය අනුගමනය කරමින් ගෝලීය සංවර්ධන මුලපිරුම, ගෝලීය ආරක්ෂක මුලපිරුම හා ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම මනාව ක්‍රියාත්මක කිරීමට චීනය සූදානම් බව ද ඔහු කීය.

  විවිධ පාර්ශ්වයන්ගේ පොදු අදහස් එක්රැස් කර සංවර්ධන දැක්ම සම්පාදනය කරමින්, සහයෝගී, මිත්‍රශීලි, සරු ප්‍රතිඵල දිනා ගන්නා රැස්වීමක් පැවැත්වීම චීනයේ අපේක්ෂාවයි. අනතුරුව දේශපාලන, ආරක්ෂක, මානව හා සංස්කෘතික යන ක්ෂේත්‍රවල 100කට වැඩි සමුළු හා ක්‍රියාකාරකම් සංවිධාන කිරීමට චීනය සැරසෙන බව ද ඔහු ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම