චීන ජනපති නෝර්වේ අගමැති හමුවෙයි
2024-09-09 19:55:50
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා නෝර්වේ අග්‍රාමාත්‍ය Jonas Gahr Støre මහතා හමු වෙයි. එම හමුව අද(9) පස්වරුවේ බෙයිජිංහිදී පැවැත්විණ.

චීනය හා නෝර්වේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ගොඩනගා ගෙවී ගිය වසර 70 තුළ දෙරට ජනතාව අන්‍යෝන්‍ය වශයෙන් ගරුත්වයෙන් සහ අවබෝධයෙන් යුතුව වටිනා මිතුදම පවත්වා ගෙන ඇති බව ෂී ජින් පිං මහතා එහිදී පැවසීය. තවදුරටත් චීන නෝර්වේ මිත්‍රශීලි සහයෝගිතා වර්ධනය කිරීම, දෙරට ජනතාවගේ අපේක්ෂා හා දෙරට මූලික ප්‍රතිලාභවලට ද ගැළපෙන බව ෂී ජින් පිං මහතා කියා සිටියේය. නෝර්වේ සමග හරිත පාරිසරික සංරක්ෂණ, බලශක්ති පරිවර්තන, නාවික ප්‍රවාහන, කෘෂිකාර්මික හා ධීවර නිෂ්පාදන, විදුලි මෝටර් රථ ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගිතා අඛණ්ඩව පුළුල් කිරීමට චීනය කැමැත්තෙන් සිටී. ලෝක සාමය හා ආරක්ෂාව, දේශගුණ විපර්යාසයට ප්‍රතිචාර දැක්වීම, ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම යනාදී ගෝලීය අභියෝගවලදී චීනය හා නෝර්වේ අතර පොදු එකඟතාවන් පවතී. නෝර්වේ සමග එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු බහුපාර්ශ්වික වේදිකාවල සංවාද හා සම්බන්ධීකරණ ශක්තිමත් කිරීම, සැබෑ බහුපාර්ශ්විකවාදය අනුගමනය කිරීම හා ආර්ථික ගෝලීයකරණය ප්‍රවර්ධනය කිරීමට චීනය කැමැත්තෙන් සිටී. චීන යුරෝපා සබඳතාව යහපත් ලෙස ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නෝර්වේ සක්‍රිය දායකත්වයක් දරනු ඇතැයි  ෂී ජින් පිං මහතා අපේක්ෂා පළ කළේය.

ගෙවී ගිය වසර 70 තුළ චීන නෝර්වේ සබඳතාව යහපත් ලෙස වර්ධනය වෙමින් අන්‍යෝන්‍ය ගරුත්වය මත දෙපාර්ශ්වය සංවාද හා සහයෝගිතා පවත්වා ගෙන ඇති බව නෝර්වේ අග්‍රාමාත්‍ය Jonas Gahr Støre මහතා ද එහිදී පැවසීය. චීන ස්වාධිපත්‍යයට ගරු කරමින් එකම චීනය ප්‍රතිපත්තිය නෝර්වේ අනුගමනය කරන බව හෙතෙම සඳහන් කළේය. ‍චීනය සමග දෙරට කේන්ද්‍රීය ප්‍රතිලාභ හා ප්‍රධාන කරුණුවලදී අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කිරීමට මෙන්ම පොදු ජයග්‍රහණ සහිත සහ‍යෝගිතා පැවැත්වීමට ද නෝර්වේ කැමැත්තෙන් සිටී. චීනය සමග G20 කණ්ඩායම ඇතුළු බහුපාර්ශ්වික ක්‍රම යටතේ සංවාද හා සහයෝගිතා ශක්තිමත් කරමින් චීනය හා යුරෝපය අතර සහයෝගිතා ශක්තිමත් කිරීමට නෝර්වේඅපෙක්ෂා කරන බව Jonas Gahr Støre මහතා අවධාරණය කළේය.

එමෙන්ම දෙපාර්ශ්වය යුක්රේන අර්බුදය ඇතුළු කාර්යයන් පිළිබඳව අදහස් හුවමාරු කර ගෙන තිබේ. සාම සාකච්ඡා හා දේශපාලන ක්‍රම ඔස්සේ යුක්රේන අර්බුදය විසඳීමට චීනය අඛණ්ඩව කැප වන බව ෂී ජින් පිං මහතා වැඩිදුරටත් එහිදී අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20241012සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම