නෙදර්ලන්තය ලිතෝමුද්‍රණ යන්ත්‍රවල අපනයන සීමාවන් පුළුල් කිරීම සම්බන්ධයෙන් චීනයේ අතෘප්තිය
2024-09-09 14:09:17
Share with:

නෙදර්ලන්තය ලිතෝමුද්‍රණ යන්ත්‍රවල අපනයන සීමාවන් පුළුල් කිරීම සම්බන්ධයෙන් චීන වාණිජ අමාත්‍යාංශය අතෘප්තිය පළ කරයි.

2023 වසරේ අර්ධ සන්නායක අපනයන සීමා කිරීමේ පියවර මත පදනම්ව, නෙදර්ලන්තය ලිතෝමුද්‍රණ යන්ත්‍රවල අපනයන සීමා කිරීමේ විෂය පථය තවදුරටත් පුළුල් කරයි. ඒ සම්බන්ධයෙන් චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශයා ඊයේ (8) චීනයේ ස්ථාවරය පළ කළේය.

මෑතකදී, චීනය සහ නෙදර්ලන්තය අර්ධ සන්නායක අපනයන පාලන ගැටළු සම්බන්ධයෙන් බහු මට්ටමේ සහ නිරන්තර සන්නිවේදන හා සාකච්ඡා පවත්වා ඇති බව එම ප්‍රකාශයා පැවසීය.

ඇමරිකාව සිය ගෝලීය ආධිපත්‍යය පවත්වා ගැනීමේ අරමුණින්, අර්ධ සන්නායක සහ එම ක්ෂේත්‍රයට අදාළ උපකරණවල අපනයන සීමා තවදුරටත් දැඩි කිරීමට ඇතැම් රටවලට බල කරමින් සිටී. එය ගෝලීය අර්ධ සන්නායක කර්මාන්ත දාමයේ සහ සැපයුම් දාමයේ ස්ථාවරත්වයට බරපතල තර්ජනයක් වන අතර චීනය ඊට දැඩි ලෙස විරුද්ධ  බව එම ප්‍රකාශයා පැවසීය.

නෙදර්ලන්තය ජාත්‍යන්තර ආර්ථික සහ වෙළඳ නීති රීති සහ චීන-නෙදර්ලන්ත ආර්ථික සහ වෙළඳ සහයෝගීතාවයේ සමස්ත තත්ත්වය සැලකිල්ලට ගනිමින් වෙළඳපල මූලධර්ම සහ ගිවිසුම්වලට ගරු කළ යුතුය. එසේම, දෙරටේ සමාගම්වල සහ දෙරටේ පොදු අවශ්‍යතා ඵලදායී ලෙස ආරක්ෂා කළ යුතු අතර ගෝලීය අර්ධ සන්නායක කර්මාන්ත දාමයේ සහ සැපයුම් දාමයේ ස්ථායිතාව සහතික කිරීමට දායක විය යුතු බව ද ඔහු පැවසීය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම