ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් අනතුරු ඇඟවීම්
2024-09-09 16:07:07
Share with:
තද සුළං සහ මුහුද රළු වීම සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අවදානම් තත්ත්වය පිළිබඳ සඳහන් කරමින් විශේෂ නිවේදනයක් නිකුත්කර තිබේ.
මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත්, කන්කසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තද සුළං ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එය පැයට කිලෝමීටර් 60ත් 65 ත් අතර අගයක් ගන්නා බවද එම දෙපාර්තමේන්තුව දී ඇත.
මෙම තත්ත්වය දෙස වැඩි අවධානයක් යොමුකරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටී.