මැතිවරණ කොමිසමෙන් අපේක්ෂකයින්ට සහ නියෝජිතයින්ට කැඳවීමක්
2024-09-09 16:08:04
Share with:
මෙවර ජනාධිපතිවරණයට තරගකරන අපේක්ෂකයින් හා ඔවුන්ගේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (09) පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඉදිරි මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා ප්රකාශ කළේය. එමෙන්ම අද පස්වරුවේ මැතිවරණ නිරික්ෂකයින් සමග ද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත ය. 2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව ද හෙතෙම සඳහන් කර ඇත.