චීන අග්‍රාමාත්‍යවරයා හෙට සෞදි අරාබියේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයකට එක් වේ
2024-09-09 17:30:42
Share with:
සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු අග්‍රාමාත්‍ය Muhammad bin Salman හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති Sheikh Hamdan bin Mohammed යන මහත්වරුන්ගේ ආරාධනාවට අනුව චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා ලබන 10 වනදා සිට 13 වනදා දක්වා සෞදි අරාබියේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වනු ඇත. ඒ චීන-සෞදි අරාබි උසස් මට්ටමේ ඒකාබද්ධ කමිටුවේ 4 වන සමුළුවේ මුලසුන දැරීමට බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(9) පැවසුවාය.