විද්‍යාපීඨ සියල්ල එක් කර අධ්‍යාපන විශ්ව විද්‍යාලයක් පිහිටුවීමට සැලසුම්
2024-09-08 15:30:47
Share with:

විද්‍යාපීඨ 19 ම ඒකාබද්ධ කර අධ්‍යාපන විශ්වවිද්‍යාලයක් පිහිටුවීමේ අවසන් කෙටුම්පත නීතිපතිවරයා වෙත යොමු කර තිබේ. ලබන සතිය වන විට එම කටයුතු නිරවුල් වූ පසු කැබිනට් මණ්ඩලය වෙත යොමු කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් පැවසීය. අනතුරුව එම කෙටුම්පත කැබිනට් මණ්ඩලය වෙත යොමුකර අනුමැතිය ලබා ගැනීමට කටයුතු කෙරෙනු ඇත.

විවිධ වසරවල දී සංවර්ධන නිලධාරීන් ලෙස බඳවාගත් උපාධිධාරීන් 16,000ක් පමණ වසර 5ක් හෝ ඊට වැඩි කාලයක් ගුරුවරුන් ලෙස පාසල්වල සේවය කරමින් ගුරු හිඟය මගහරවා ගැනීමට කටයුතු කර ඇති අතර ඔවුන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ එකඟතාව මත සිදු කරන බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩි දුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම