චීන-ඇමරිකා වාණිජ හා වෙළඳ කාර්ය කණ්ඩායම උප අමාත්‍ය මට්ටමේ දෙවන රැස්වීම පවත්වයි.
චීන වාණිජ අමාත්‍යාංශයේ ජාත්‍යන්තර වෙළඳ සාකච්ඡා පිළිබඳ නියෝජිත හා උප ඇමති Wang Shouwen මහතා සහ ඇමරිකානු වාණිජ උප ලේකම් Marisa Lago මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම ඊයේ(7) චීනයේ Tian jin නගරයේ පැවැත්විණ.
සැන් ෆ්රැන්සිස්කෝ හි චීන-ඇමරිකා රාජ්‍ය නායකයින් දෙදෙනා හමු වූ අවස්ථාවේදී එළැඹි වැදගත් එකඟතා ක්‍රියාවට නැංවීම කෙරෙහි අවධානය යොමු කරමින්, තමන්ට අනන්‍ය ප්‍රතිපත්තිමය කරුණු සහ දෙරටේ ව්‍යාපාරික ප්‍රජාවන් විසින් ඉදිරිපත් කරන ලද විශේෂ වාණිජ ගැටලු පිළිබඳව දෙපාර්ශ්වය එහිදී සාකච්ඡා කළහ.
චීනයට එරෙහි ඇමරිකාවේ තීරුබදු පිළිබඳ අංක 301 වගන්ති විමර්ශනය, නැව් තැනීම සහ අනෙකුත් කර්මාන්ත පිළිබඳ අංක 301 වගන්තිය විමර්ශනය, චීන සමාගම්වලට එරෙහි සම්බාධක, ද්වි-මාර්ග ආයෝජන සීමා කිරීම් සහ ඇමරිකාවේදී චීන සමාගම්වලට අසාධාරණ ලෙස සැලකීම පිළිබඳව චීන පාර්ශ්වය එම රැස්වීමේදී අවධානය යොමු කර ඇත. එසේම ඇමරිකාව "චීන නිෂ්පාදිතයන්හි අධිධාරිතාව" මුවාවෙන් වෙළඳ හා ආයෝජන සීමා කිරීමට චීනය එහිදී විරෝධය පළ කළේය.