පසුගිය 5 වැනිදා චීන-අප්‍රිකා සහයෝගීතා සංසදයේ බෙයිජිං සමුළුවේ සමාරම්භක උත්සවයේ දී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ දේශනය අප්‍රිකානු නායකයින්ගේ පැසසුමට ලක් වෙති.
නවීකරණය ප්‍රවර්ධනය කිරීම සහ පොදු ඉරණමක් සහිත ඉහළ මට්ටමේ චීන-අප්‍රිකා ප්‍රජාවක් ගොඩනැගීම සඳහා චීනය සහ අප්‍රිකාව අත්වැල් බැඳ ගැනීමේ දිශානතිය ෂී ජින් පිං මහතාගේ දේශනයෙන් පෙන්වා දුන් බව එම සමුළුමට සහභාගී වූ චීන සහ විදේශීය අමුත්තන් පැවසූහ.
නවීකරණය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් චීනය සහ අප්‍රිකාව අතර ප්‍රධාන හවුල්කාරිත්ව ක්‍රියාමාර්ග දහයක් ෂී ජින් පිං මහතා සිය කතාවේදී යෝජනා කළ බවත්, එමඟින් අප්‍රිකාවට වඩා ආරක්ෂිත, වඩා තිරසර සහ වඩා යහපත් ලෝකයක් ගොඩනැගීමට උපකාරී වනු ඇති බවත් සැම්බියානු ජනාධිපති Hakainde Hichilema මහතා පැවසීය.
නවීකරණය ප්‍රවර්ධනය කිරීමේ අප්‍රිකාවේ හදිසි අවශ්‍යතාවය චීනය තේරුම් ගෙන ඇති අතර, එය ෂී ජින් පිං මහතාගේ කතාවෙන් ගැඹුරින් ගම්‍ය වන බව බුර්කිනා ෆාසෝ විදේශ අමාත්‍ය Karamoko Jean-Marie Traoré මහතා පැවසීය.
ෂී ජින් පිං මහතා දූරදර්ශී නායකයෙකු බවත්, චීන-අප්‍රිකා සහයෝගීතාව සඳහා නව සැලැස්මක් මනාම සැලසුම් කර ඇති අතර අදාළ සංවර්ධන දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා හොඳ පරිසරයක් නිර්මාණය කර ඇති බවත් අප්‍රිකානු වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ මහ ලේකම් Alaa Ezz මහතා සඳහන් කළේය.