තුවක්කු ප්‍රචණ්ඩත්වය ඇමරිකාව පුරා මහා පරිමාණයෙන් පැතිරේ
2024-09-08 17:10:32
Share with:
ඇමරිකාවේ පාසැල් තුළ සිදු කෙරෙන වෙඩි තැබීම් සැලකිය යුතු අයුරින් වර්ධනය වෙයි.
පසුගිය 04 වැනි දා ඇමරිකාවේ Georgia ප්‍රාන්තයේ Apalachee උසස් පාසලේ වෙඩි තැබීමේ සිද්ධියෙන් සිසුන් දෙදෙනකු ඇතුළු සිවු දෙනකු මිය ගොස් ඇති අතර තවත් නව දෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. මෙම වසරේ එරට විද්‍යාල තුළ වෙඩි ප්‍රහාර හා සම්බන්ධ සිද්ධීන් වාර්තා වූ 218 වැනි අවස්ථාව මෙයයි.
ගතවූ වසර 10 තුළ, විද්‍යාල තුළ වෙඩි තැබීමේ සිද්ධීන්වලින් 51%ක් සිදු වූයේ පන්ති පැවැත්වෙන අතරතුරදී ය. විශාල පරිමානයේ තුවක්කු ප්‍රචණ්ඩත්වය රට පුරා පැතිර ගොස් ඇති බවත්, විද්‍යාලවලදී සිදු වූ එවැනි ප්‍රහාර ඉතා පිළිකුල් සහගත බවත් Washington Post පුවත්පත වාර්තා කරයි.