ඩොලර් සංචිතය බිලියන 6ට ආසන්න වෙයි
2024-09-07 15:27:26
Share with:
ශ්රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්රමාණය 2024 අගෝස්තු මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 5,954ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා සඳහන් කරයි.
මෙය 2024 ජූලි මාසයේ දී ඇමරිකන් ඩොලර් මිලියන 5,652ක් ලෙස වාර්තා වූ නිල සංචිත වත්කම් වටිනාකම හා සැසඳීමේදී 5.3%ක කැපීපෙනෙන වර්ධනයකි.
මේ අතර නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය, පසුගිය අගෝස්තු මාසය තුළ දී ඩොලර් මිලියන 5,577 සිට ඩොලර් මිලියන 5,912 ක් දක්වා 6.0% ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත් වී තිබේ.