චීන-අප්‍රිකානු ව්‍යවසායකයන්ගේ 8 වැනි සම්මේලනය ඊයේ(06) බෙයිජිං හිදී පැවැත්විණ. පසුගිය 4වැනි දා සිට 6වැනි දා දක්වා පැවති 2024 චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ නායක සමුළුවට අනුබද්ධව මෙම සම්මේලනය පැවැත්විණ. චීන ව්‍යවසාය නියෝජිතයන් හැරුණු විට, සෙනගල්, දකුණු අප්‍රිකාව සහ කෙන්යාව ඇතුළු අප්‍රිකානු රටවල් 48ක ව්‍යවසාය නියෝජිතයෝ ඊට එක්ව සිටියහ. සම්මේලනයේ සමාරම්භක උළෙල අමතමින් චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා පැවසුවේ චීනය හා අප්‍රිකාව අතර වෙළඳපොළ සම්බන්ධ වීම, කර්මාන්ත ඒකාබද්ධ කිරීම මෙන් ම නවෝත්පාදන තවදුරටත් සහතික කළ යුතු බවයි.
චීනය හා අප්‍රිකාව අතර ආර්ථික හා වෙළඳ සහයෝගිතා පුළුල් පදනමකින් යුක්ත ය. ගතවූ වසර 15 තුළ චීනය අඛණ්ඩ ව අප්‍රිකාවේ විශාලතම වෙළඳ හවුල්කාර රට බවට පත්ව සිටී. එමෙන්ම අප්‍රිකානු රටවල් 23ක විශේෂ නිෂ්පාදන 200කට වැඩි සංඛ්‍යාවක් චීනයේ අන්තර්ජාල භාණ්ඩ මිළදී ගැනීමේ සැනකෙළියේ දී සාර්ථකව අලෙවි වී ඇත.
මෙවර චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ නායක සමුළුවේදී චීනය සඳහන් කළේ ඉදිරි වසර 3 තුළ, නවීකරණය සහතික කිරීම සඳහා ක්‍රියාකාරකම් 10ක් අප්‍රිකාව සමග එක්ව සිදු කිරීමට සූදානම් බවයි. මෙය, වර්තමානයේ මෙන් ම අනාගතයේ දී දෙපාර්ශ්වයේ ප්‍රායෝගික සහයෝගිතා සඳහා වන ප්‍රධාන දිශානතිය වනු ඇති බව විශ්ලේෂකයෝ පවසති.
එසේ ම, විවෘතභාවයෙන් යුත් සහයෝගිතා පැවැත්වීමේ වැදගත්කම චීන-අප්‍රිකානු ව්‍යවසායකයන්ගේ 8 වැනි සම්මේලනයේදී අවධාරණය කෙරිණ. වර්තමානයේ ආරක්ෂණවාදය වඩාත් වැඩියෙන් ඉස්මතු වීම හමුවේ මෙමගින් ලෝකය වෙත ජවයක් එක් කිරීමට හැකි වීම විශේෂත්වයකි. වෙළඳපොළේ විවෘතභාවය ඒකපාර්ශ්වික ව පුළුල් කිරීමේ දී මූලිකත්වය ගැනීමටත් , අප්‍රිකාවේ රටවල් 33ක් ඇතුළු චීනය සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර ඇති සමස්ත ඌණ සංවර්ධිත රටවල් කෙරෙහි පනවා ඇති තීරු බදුවලින් නිපැයුම් තීරු බදු බැහැර කිරීමටත් චීනය අපේක්ෂා කරයි. එමෙන්ම ආර්ථික හවුල්කාරීත්වය පොදුවේ ප්‍රවර්ධනය කිරීම පිළිබඳ ගිවිසුම අත්සන් කිරීම කඩිනම් කරන බවත් චීනය එහිදී සඳහන් කළේය. මෙමගින් දැවැන්ත චීන වෙළෙඳපොළ අප්‍රිකාවට ඉහළ මට්ටමේ අවස්ථාවක් බවට පත් කරවමින් විවෘත ලෝක ආර්ථිකයක් ගොඩනැංවීම සහතික වනු ඇති බව නොඅනුමානය.