පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ "එකම බෝට්ටුවේ එකට එක්ව "නමැති සමරු ප්‍රතිමා සහ “ඔලිම්පික් සාම උද්‍යානය”විවෘත කිරීමේ උත්සවය ඊයේ (6) ප්‍රංශයේදී පැවැත්විණ. මෙම ප්‍රතිමා චීන මාධ්‍ය සමූහය විසින් ප්‍රංශ ජාතික ඔලිම්පික් හා ක්‍රීඩා කමිටුවට පරිත්‍යාග කරන ලද්දකි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තු උප ප්‍රධානී, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා මෙම අවස්ථාව වෙනුවෙන් සුබ පැතුම් ලිපියක් යොමු කර තිබේ.
චීනයේ සහ ප්‍රංශයේ සෑම මට්ටමකම ජනතාව විවිධ ශිෂ්ටාචාර අතර හුවමාරු සහ සංවාද ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීමට සහ සියලු රටවල ජනතාව අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ ගෞරවය ප්‍රවර්ධනය කිරීමට ඔලිම්පික් ක්‍රීඩා හරහා කටයුතු කිරීමට අපේක්ෂා කරන බව Shen Haixiong මහතා සිය සුභ පැතුම් පණිවිඩයේ සඳහන් කර ඇත.