චීන- සිම්බාබ්වේ සබඳතා තවදුරටත් ශක්තිමත් කළ යුතු බවට සිම්බාබ්වේ ජනපතිගෙන් ප්‍රකාශයක්
2024-09-07 19:36:19
Share with:

චීනය සිය රටෙහි සමීප මිතුරෙකු වන අතර තම රටේ සංවර්ධන හා පරිවර්තන මාවතේ විශ්වාසවන්ත මිතුරෙක් බව සිම්බාබ්වේ ජනරජයේ ජනාධිපති Emmerson Mnangagwa මහතා පවසයි.

හෙතෙම මෙම අදහස් පළකළේ පසුගියදා චීන මාධ්‍ය සමූහය සමග පැවැත්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

වසර 60 කට වැඩි කාලයක් චීනය සමග සබඳතා පවත්වන සිය රට, එවකට චීනය සහ වත්මන් චීනය ගැන අවබෝධයෙන් සිටි බව Mnangagwa මහතා පැවසීය. ගෙවී ගිය වසර 60 තුළ තමා චීනයේ බොහෝ වරක් සංචාරය කර ඇති අතර එහිදී චීන නගරවල වේගවත්  වර්ධනය හා රටේ නවීකරණ ක්‍රියාවලිය දැක ගත හැක වූ බව ඔහු සඳහන් කළේය.

1980 වසරේ චීන-සිම්බාබ්වේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාව පිහිටවූ දා සිට අද දක්වා දෙරට අතර දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය සැම විටම පවතී. සිම්බාබ්වේ ආර්ථික හා සමාජීය සංවර්ධනයට වටිනා සහයෝගයක් ලබා දීම සම්බන්ධයෙන් චීනයට ස්තූතිය පළ කරන බව Mnangagwa මහතා එහිදී පැවසීය. වර්තමානයේ දෙරටේ විස්තීර්ණ උපායමාර්ගික සහයෝගි හවුල්කාරීත්වය ස්ථාපිත කොට තිබෙන අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඉහළ නැංවිය යුතු බව හෙතෙම කියා සිටියේය.

වසර 24 කට පෙර චීන-අප්‍රිකා සහයෝගිතා සංසදය පිහිටවූ දා සිට චීනය සැම විටම අප්‍රිකානු රටවල් සමග චීනයේ සංවර්ධන අවස්ථා බෙදා ගෙන තිබේ. යටිතල පහසුකම් සංවර්ධනය, ශ්‍රම පුහුණුව, කෘෂිකාර්මික තාක්ෂණය සහ කාර්මික ස්වාධීනත්වය ප්‍රවර්ධනය යනාදී ක්ෂේත්‍රවල ප්‍රායෝගික පියවර සමග චීන-අප්‍රිකා මිත්‍ර සහයෝගිතාවයේ ජීවගුණය ක්‍රියාත්මක කර ඇති බව Mnangagwa මහතා සඳහන් කළේය.

චීනය සමග සහයෝගිතාවයේ ප්‍රතිඵල අප්‍රිකානු මහාද්වීපයේ බහුතර රටවල සංවර්ධන ක්‍රියාවලිය තුළ දැකිය හැකි බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත.

ගුවන් විදුලිය
20241012සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම