තායිලන්ත රජු ඉදිරියේ නව අගමැතිනිය සහ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි
2024-09-07 15:32:51
Share with:

තායිලන්තයේ නව අගමැතිනිය වන Paetongtarn Shinawatra ප්‍රමුඛ කැබිනට් අමාත්‍යවරුන් සභාග රජයක් වෙනුවෙන් එරට රජු මහා වජිරලොන්ග්කෝන් ඉදිරියේ ඊයේ(06) දිවුරුම් දී ඇත. ඒ අනුව අගමැතිනිය සහ 35 දෙනෙකුගෙන් යුත් කැබිනට් සාමාජිකයින් Pheu Thai පක්ෂයේ නායකත්වයෙන් යුත් සන්ධානය යටතේ කටයුතු කරනු ඇත.

නව සභාග රජය නියෝජනය වන පරිදි ප්‍රධාන පක්ෂ තුනකින් නියෝජ්‍ය අගමැතිවරුන් 6 දෙනෙක් පත් වී ඇති බව ද එර‍ට වාර්තා සඳහන් කරයි. එමෙන්ම සිය රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීමට Paetongtarn Shinawatra මහත්මිය අද (08) විශේෂ කැබිනට් රැස්වීමක් පැවැත්වීමටත්, නිල වශයෙන් බලයට පත් වීමට පෙර එය ලබන සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අපේක්ෂා කරන බව වාර්තා වේ.

38 හැවිරිදි Paetongtarn Shinawatra මහත්මිය  Pheu Thai පක්ෂ නායක සහ හිටපු අගමැති Thaksin Shinawatra මහතාගේ දියණිය වන අතර පසුගිය පාර්ලිමේන්තු ඡන්දය ජයග්‍රහණය කිරීමෙන් පසු සමස්ත අග්නිදිග ආසියාවේ ලාබාලතම සහ දෙවන කාන්තා අගමැතිනිය  වීම ද විශේෂත්වයකි.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම