සුපිරි සුළි කුණාටු හේතුවෙන් බලපෑමට ලක් වූ දකුණු චීනයට කඩිනමින් ආපදා සහන සලසන ලෙස චීන ජනපතිගෙන් උපදෙස්
2024-09-07 17:19:38
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා හයිනාන් සහ ගුවන්ඩොං යනාදී ප්‍රදේශවලට බලපෑ සුළි කුණාටු ආපදා තත්ත්වය පිළිබඳව වැදගත් උපදෙස් ලබා දී ඇත.

මෙම වසරේ 11වැනි ‘Yagi’ සුළි කුණාටුව ඊයේ(6) චීනයේ හයිනාන් සහ ගුවන්ඩොං පළාත්වලට එල්ල වීමෙන් දැඩි බලපෑම් සිදුව ඇත. අද(7) 12.00 වන විට මෙම ව්‍යසනය හේතුවෙන් හයිනාන්, ගුවන්ඩොං සහ ගුවන්ෂි යන ප්‍රදේශවල ලක්ෂ 12කට වැඩි පිරිසක් විවිධ මට්ටමේ විපත්වලට මුහුණ දී ඇත. ඉන් පුද්ගලයන් 3 දෙනෙක් මිය ගොස් ඇති අතර තවත් 95 දෙනෙක් තුවාල ලබා ඇති බව ද වාර්තා වේ.

මෙම ආපදා තත්ත්වය පිළිබඳ දැන ගත් විගස චීන ජනාධිපති ෂී ජින් පිං මහතා කඩිනම් සහන මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා වැදගත් උපදෙස් ලබා දුන්නේය. පවතින තත්ත්වය අනුව පළමුව ආපදා තත්ත්වය නිවැරදිව හඳුනා ගනිමින් මිය ගිය හා තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව ඉහළ යාම අවම කර ගැනීමට උපරිමයෙන් උත්සාහ දැරිය යුතු ය. නිෂ්පාදන කටයුතු හා දෛනික ජීවන කටයුතු හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා හානි සිදුව ඇති ප්‍රවාහන, විදුලි සහ සන්නිවේදන පහසුකම් යනාදී යටිතල පහසුකම් කඩිනමින් පිළිසකර කොට පශ්චාත් ආපදා ප්‍රතිසංස්කරණ සක්‍රියව සිදු කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම