චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඉකුත් 5 වැනි දා පැවති 2024 චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ නායක සමුළුවේ සමාරම්භක උලෙළ සඳහා පැවැත්වූ දේශනය ඉහළ පැසසුමට ලක් වෙයි. ‘එක්ව අත්වැල් බැඳ ගෙන නවීකරණය ඉදිරියට ගෙන යමින් පොදු ඉරණමක් සහිත ප්‍රජාව එක්ව ගොඩනැගීම’එම දේශනයේ ප්‍රධාන තේමාවයි.
ෂී ජින්පිං මහතාගේ මෙම දේශනය, චීනය, අප්‍රිකාව සමග එක්ව නවීකරණය සාක්ෂාත් කරගැනීමේ දැඩි අභිප්‍රාය පිළිබිඹු කරන බවත්, එය චීන-අප්‍රිකා වඩාත් ප්‍රශස්ත අනාගතයක් වෙනුවෙන් වන බලාපොරොත්තුවක් බවත් ගැම්බියානු විදේශ ඇමතිවරයා පවසා ඇත.
චීන-අප්‍රිකානු සබඳතාව නව යුගයේ පොදු ඉරණමක් සහිත චීන-අප්‍රිකා පූර්ණ ප්‍රජාවක් දක්වා ඉහළ නංවන බවට චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළ බව කෙන්යාවේ විදේශ ඇමතිවරයා කියා සිටී. මෙය ලෝකය වෙත ලබා දී ඇති අතිශය වැදගත් ප්‍රවේශයක් බව ද ඔහු සඳහන් කර තිබේ.