තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සියයට 80 ඉක්මවයි
2024-09-07 15:44:35
Share with:

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සියයට 80% ඉක්මවා තිබේ. එමෙන්ම ජනාධිපතිවරණය සම්බන්ධයෙන් හෙට විශේෂ දිනයක් ලෙස නම්කර ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ රණසිංහ මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේය. ඒ ඡන්ද කාඩ්පත් බෙදා හරින විශේෂ දිනයක් ලෙසයි.

මේ අතර ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි සංඛ්‍යාව 2460 දක්වා ඉහළ ගොස් ඇති බව ද වාර්තා වේ. ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 930ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 1530ක් ලැබී ඇති බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම