චීන විදේශ ඇමති Wang Yi මහතා සහ ජාත්‍යන්තර දේශගුණික ප්‍රතිපත්ති පිළිබඳ ඇමරිකානු ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක John Podesta මහතා හමු වෙයි. එම හමුව ඊයේ(06) පැවැත්විණ.
දේශගුණික විපර්යාස පිළිබඳ සංවාදය සහ සහයෝගිතාව චීන-ඇමරිකා සබඳතාවල වැදගත් අංගයක් පමණක් නොව, සැන්ෆ්රැන්සිස්කෝ හමුවේදී දෙරට නායකයන් ඇති කළ එකඟතාව ක්‍රියාත්මක කිරීමේ වැදගත් පියවරක් ද වන බව Wang Yi මහතා එහිදී පැවසීය. මෙම වසර ආරම්භයේ සිට දෙපාර්ශ්වයේම දේශගුණික විපර්යාස පිළිබඳ කාර්ය කණ්ඩායම් සමීප සන්නිවේදනයක නිරත වෙමින් ප්‍රායෝගික ප්‍රතිඵල ගණනාවක් අත්කර ගෙන ඇති බව ඔහු කියා සිටියේ ය. ඇමරිකාව සිය ප්‍රතිපත්ති ස්ථායිතාව පවත්වා ගනිමින් චීනයේ සාධාරණ උත්සහයන්ට ගරු කරමින්, ගෝලීය අභියෝගවලට ඒකාබද්ධව ප්‍රතිචාර දැක්වීමට චීනය සමග එක්ව කටයුතු කරනු ඇතැයි චීනය අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
ඇමරිකාව සහ චීනය අතර සහයෝගිතාවය දෙරට ජනතාවට ප්රතිලාභ ලබා දෙනවා පමණක් නොව, සමස්ත ලෝකයටම වැඩි ප්රතිලාභ හිමි කර දෙන බව Podesta මහතා එහිදී පැවසීය. චීනය සමග සන්නිවේදනය සහ සම්බන්ධීකරණය ශක්තිමත් කර ඵලදායී සහයෝගිතාවයක් ආරම්භ කිරීමට ඇමරිකාව කැමැත්තෙන් සිටින බව ද ඔහු පෙන්වා දී ඇත.