රේගුවට ඉතිහාසයේ පළමු වරට රු. බිලියන 1,000ක ආදායමක්
2024-09-07 15:45:38
Share with:

කිසිදු බලවේගයකට යටත් නොවී ස්වාධීනව වැඩ කිරීමට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ පාලන අධිකාරියට සහ නිලධාරීන්ට අවස්ථාව ලබාදීම මත ඉතිහාසයේ පළමු වරට මෙම වසරේ ගත වූ මාස 08ක කාලය තුළ රේගු ඉතිහාසයේ වාර්තා කළ ඉහළම රේගු ආදායම වශයෙන් රුපියල් බිලියන 1,000ක් උපයා තිබේ.

2024 වසරේ අපේක්ෂිත ආදායම් ඉලක්කය වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද තහවුරු කර ඇත්තේ රුපියල් බිලියන 1,534කි. නමුත් 2024 වසරේ මාස 08ක් අවසන් වන විට බිලියන 1,000ක ආදායම් ඉලක්ක ළගා කර ඇති හෙයින් ඉදිරි මාස 04 තුළ වසරේ අපේක්ෂිත ඉලක්කය වෙත ළඟා විය හැකි බව රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතා පවසයි.

 

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම