චීන විදේශ විනිමය සංචිතයේ ප්‍රමාණය අඛණ්ඩව ඉහළට
2024-09-07 15:35:17
Share with:

චීන විදේශ විනිමය සංචිතයේ ප්‍රමාණය අඛණ්ඩව මාස 9ක් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 3.2 ඉක්මවූ ස්ථිර අගයක් වාර්තා කරයි.

චීන ජාතික විදේශ විනිමය පරිපාලනය අද(7) නිකුත් කළ දත්තවලින් මේ බව පෙන්නුම් කර ඇත.

පසුගිය අගෝස්තු මස අවසානය වන විට චීන විදේශ විනිමය සංචිතයේ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 3.2882කි. එය පසුගිය ජූලි මස අවසානයට සාපේක්ෂව 0.98%කින් වර්ධනය වී තිබේ.

විදේශ විනිමය සංචිත වත්කම්වල සුරක්ෂිතතාව, ද්‍රවශීලතාවය, විදේශ වටිනාකම් පවත්වා ගැනීම සහ වර්ධනය කිරීම සහතික කිරීම සඳහා, චීන ලක්ෂණ සහිත විදේශ විනිමය සංචිත කළමනාකරණය අඛණ්ඩව වැඩිදියුණු කිරීමට ජාතික විදේශ විනිමය පරිපාලනය සූදානමින් සිටී.

ගුවන් විදුලිය
20241103ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම