විද්‍යා හා තාක්ෂණ අපනයන සීමාවන් තවදුරටත් ශක්තිමත් කිරීමට ඇමරිකාව ගත් තීරණය කෙරෙහි චීනයේ විරෝධය
2024-09-06 17:31:20
Share with:

ඇමරිකාව ආර්ථික හා වෙළඳ මෙන්ම විද්‍යා හා තාක්ෂණික ගැටලු දේශපාලනීකරණය කිරීම හා ආයුධකරණය කිරීම කෙරෙහි චීනය සැමවිටම විරෝධය පළ කරයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(6) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළාය.

අර්ධ සන්නායක නිෂ්පාදනය ඇතුළු විද්‍යා හා තාක්ෂණයන් අපනයන සීමාවන් තවදුරටත් ශක්තිමත් කරන බව ඇමරිකානු වාණිජ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.

ඒ සම්බන්ධයෙන් Mao Ning මහත්මිය පැවසුවේ, සාමාන්‍ය තාක්ෂණික සහයෝගිතාවන්ට සහ ආර්ථික හා වෙළඳ හුවමාරුවලට කෘත්‍රිමව බාධා ඇති කිරීම, වෙළඳපළ ආර්ථිකයේ මූලධර්ම උල්ලංඝනය කොට ගෝලීය කර්මන්ත දාම හා සැපයුම් දාම වල ස්ථායිතාව කඩාකප්පල් කිරීමක් යැයි විශ්වාස කෙරෙන බවයි. ඒ කිසිම පාර්ශ්වයක අවශ්‍යතාවට අනුකූල නොවන බව ද ඇය කියා සිටියාය.

 

ගුවන් විදුලිය
20241107බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම