පසුගිය 5 වැනිදා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන-අප්‍රිකා සහයෝගිතා සංසදයේ බෙයිජිං සමුළුවේ සමාරම්භක උළෙලට එක්ව ප්‍රධාන දේශනය සිදු කළේය. චීනය සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වන සියලු අප්‍රිකානු රටවල් සමග පවතින ද්විපාර්ශ්වික සබඳතා උපායමාර්ගික සබඳතා මට්ටමට ඉහළ නංවන බව ෂී ජින් පිං මහතා එහිදී යෝජනා කර ඇත. සමස්තයක් වශයෙන් චීන-අප්‍රිකා සබඳතාව ඔස්සේ නව යුගයේ සර්වකාලීන පොදු ඉරණමක් සහිත චීන-අප්‍රිකා ප්‍රජාවක් ගොඩනගන බවද එහිදී සඳහන් කෙරිණ. චීනය හා අප්‍රිකාව සමග පොදුවේ ක්‍රියාත්මක කරන “නවීකරණ පියවර හයක් ” මෙන්ම සහයෝගී මෙහෙයුම් දහයක් එහිදී ඉදිරිපත් කීරීම විශේෂත්වයකි. චීන-අප්‍රිකා දෙපාර්ශ්වය එක්ව නවීකරණය වෙත ගමන් කිරීමට අවැසි දිශානතිය හා ක්‍රියාමාර්ග එහිදී තවදුරටත් පැහැදිලි කර ඇත. එහෙයින් මෙම බෙයිජිං සමුළුව නව යුගයේ චීන-අප්‍රිකානු සහයෝගිතාවේ නව සංධිස්ථානයක් ලෙස හැඳින්විය හැකිය.
ඉතිහාසයේදී බටහිර නවීකරණ ක්‍රියාදාමයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට දරුණු පීඩා එල්ල වී තිබේ. යටත්විජිතවාදයෙන් දැඩි පීඩන එල්ල වූ චීනයටත් අප්‍රිකාවටත් නවීකරණය බටහිරකරණය නොවන බව ඉන් මනාව පසක් විය.මෙවර චීනය ඉදිරිපත් කළ දෘෂ්ටිකෝණ හයකින් යුත් නවීකරණ ක්‍රියාදාමය එකිනෙකාගේ අවශ්‍යතාවන් සලකා, පූර්ණ පද්ධතියක් ලෙස ඉදිරිපත් කර ඇත. එය බටහිර නවීකරණ ක්රියාදාමයේ “කැලෑ නීතිය ” සම්පූර්ණයෙන් අත්හැර, චීන ලක්ෂණවලින් යුත් නව්‍යකරණයක් ගොඩනැගීමේ අත්දැකීම් ඇතුළත්ව සකස් කර තිබේ.මෙම නවීකරණ සැලසුම චීනයේ හා අප්‍රිකාවේ පොදු සංවර්ධන අවශ්‍යතාවන්ට අනුකූල වන අතර එය අප්‍රිකාවේ සිදු වන “දෙවන පිබිදීම” වන අතර ගෝලීය දකුණු කලාපයේ නවීකරණය ප්‍රවර්ධනය කරනු ඇත.
අදාළ සැලසුම ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව ද චීනය යෝජනා ඉදිරිපත් කර ඇත. ඉදිරි වසර 3ක කාලය තුළ චීනය අප්‍රිකාව සමග සහයෝගී මෙහෙයුම් 10ක් ක්‍රියාත්මක කිරීමට නියමිත ය. ශිෂ්ටාචාරයේ අන්‍යෝන්‍ය අධ්‍යයනය, වෙළඳාමේ සමෘද්ධිය, සහයෝගි කර්මාන්ත දාමය, අන්‍යෝන්‍ය ගමනාගමන හා සන්නිවේදන පහසුකම්, සංවර්ධන සහයෝගිතා, සෞඛ්‍ය සේවා, කෘෂිකාර්මික පුනර්ජීවනය හා ග්‍රාමීය ජනතාවට ප්රතිලාභ ලබා දීම, මානව හුවමාරු ශක්තිමත් කිරීම, හරිත සංවර්ධනය මෙන්ම පොදුවේ ආරක්ෂාව සහතික කිරීම යන ක්ෂේත්‍ර ඊට ඇතුළත් ය.
මීට පෙර චීන-අප්‍රිකානු දෙපාර්ශ්වය ඒකාබද්ධව ක්‍රියාත්මක කළ “සහයෝගිතා සැලසුම් 10ක්”, “ මෙහෙයුම් 8ක් ”හා “ව්‍යාපෘති 9ක් ” පිළිබඳ සහයෝගිතා සැලසුම් වැඩිදුරටත් සංවර්ධනය කර මෙම සහයෝගි මෙහෙයුම් 10කින් යුත් සැලසුම ඉදිරිපත් කර තිබේ. එය දෙපාර්ශ්වය නවීකරණය ඔස්සේ ඉදිරියට ගෙන යාමට මාර්ගෝපදේශයක් වනු ඇත. වර්තමානයේ අප්‍රිකානු රටවල් සෘජු හා කඩිනම් සංවර්ධන අවශ්‍යතාවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති අතර, නූතන යුගයේ ප්‍රවණතාව ද පැහැදිලිව අවබෝධ කර ගෙන චීන-අප්‍රිකානු සබඳතාවයේ ප්රතිලාභ මනා ලෙස ප්‍රවර්ධනය කිරීමට උත්සහා දැරීම කැපී පෙනෙන කරුණකි.