චීන හා කොංගෝ ජනරජයේ ජනාධිපතිවරුන් අතර සාකච්ඡාවක්
2024-09-06 13:50:14
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා කොංගෝ ජනරජයේ ජනාධිපති Denis Sassou Nguesso මහතා හමු වෙයි.  එම හමුව අද (6) පෙරවරුවේ බෙයිජිං හි මහජන මහ ශාලාවේදී පැවැත්විණ. 2024 චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ නායක සමුළුවට එක්වීම සඳහා කොංගෝ ජනරජයේ ජනාධිපතිවරයා චීනයට පැමිණ සිටී. 

චීන-කොංගෝ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ස්ථාපිත කර මේ වසරට වසර 60ක් සපිරේ. ඉතා ශක්තිමත්ව පවතින චීන-කොංගෝ සබඳතා තවදුරටත් වර්ධනය කළ යුතු බව ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේ ය. චීනයට අදාළ සියලු කේන්ද්‍රීය කරුණු සම්බන්ධයෙන් කොංගෝ ජනරජය ලබාදුන් සහාය අගය කරමින් හෙතෙම කියා සිටියේ කොංගෝ ජනරජය සමග විවිධ ක්ෂේත්‍රවල හුවමාරු තහවුරු කරමින් නවීකරණ සංවර්ධනය සඳහා කොංගෝව සමග එක්ව කටයුතු කරන බවයි. චීනය කොංගෝවේ ආර්ථික විවිධාංගීකරණයට සහාය ලබා දෙන අතර කොංගෝවේ යටිතල පහසුකම් සංවර්ධනයට එක්වීමට චීන ව්‍යවසායන් දිරිමත් කෙරේ. එමෙන් ම කෘෂිකර්මය, ඩිජිටල් ආර්ථිකය හා හරිත සංවර්ධනය ඇතුළු ක්ෂේත්‍රවල කොංගෝව සමග සහයෝගිතා පැවැත්වීමට ද , මානව හුවමාරු ශක්තිමත් කරමින් දෙරටේ ජනතාව ද්විපාර්ශ්වික සම්බන්ධතා වර්ධනයට සහභාගි කරවීමට ද , කටයුතු කරන බව ද චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. 

Denis Sassou Nguesso ජනාධිපතිවරයා එම හමුවේදී මීට වසර 60කට පෙර තමන් සිදු කළ පළමු චීන සංචාරය සිහි කළේ ය. එම සංචාරයෙන් පසු චීනයට බොහෝ වර පැමිණි තමන් චීනය ලද දැවැන්ත සංවර්ධන ජයග්‍රහණ සියැසින් දුටු බව හෙතෙම කියා සිටියේ ය. ගෙවුණු වසර 60 තුළ කොංගෝ-චීන සම්බන්ධතා නොවෙනස් ව යහපත් අන්දමින් පවතී. කොංගෝවේ ආර්ථික හා සමාජීය සංවර්ධනය වෙනුවෙන් චීනය ලබාදුන් සහාය Denis Sassou Nguesso ජනාධිපතිවරයා අගය කළේ ය. චීනය සමග එක්ව සාම්ප්‍රදායික මිත්‍රත්වය අඛණ්ඩව වර්ධනය කරමින් විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා පවත්වාගෙන යාමට කැමැත්තෙන් සිටින බව ද කොංගෝ ජනරජයේ ජනාධිපතිවරයා පැවසීය. 

එම හමුවෙන් පසු චීන හා කොංගෝ ජනරජයේ ජනාධිපතිවරු ද්විපාර්ශ්වික සහයෝගිතා ලියවිලි රැසකට අත්සන් තැබීමේ අවස්ථාවට එක් වූහ. චීනය හා කොංගෝ ජනරජය පූර්ණ උපාය මාර්ගික සහයෝගිතා හවුල්කාරී සම්බන්ධතා ශක්තිමත් කිරීම සහ පොදු ඉරණමක් සහිත ඉහළ මට්ටමේ චීන-කොංගෝ හවුල ගොඩ නැගීම පිළිබඳ ඒකාබද්ධ නිවේදනය ද එහිදී ප්‍රකාශයට පත් කෙරිණ.

 

 

ගුවන් විදුලිය
20241012සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම