යුක්රේනයේ Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරයේ පසුගිය මාසයේ හටගත් ගින්නට හේතුව සහ එහි බලපෑම් සම්බන්ධයෙන් අඛණ්ඩ විමර්ශන සිදුකරන බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ ප්‍රධානි Rafael Grossi මහතා පවසයි. මෙම කාරණය පිළිබඳව ඉතා සියුම් ලෙස විමසා බලන බව ද ඔහු කියාසිටී.
Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරයේ නිරත වූ සංචාරයෙන් පසුව ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු අද (6) මේ බව ප්‍රකාශ කළේය. පසුගිය අගෝස්තු 11 වැනිදා හටගත් ගින්නෙන් හානි වූ සිසිලන කුළුණ ඔහුගේ පරීක්ෂාවට ලක් විය.
සිසිලන කුළුණේ ඇතුළු බිත්ති, සුන්බුන් සහ කළු පැහැ පැල්ලම් නිරීක්ෂණය කරමින් Rafael Grossi මහතා පැවසුවේ ගින්නෙන් හානියට පත් ව ඇති කුළුණ කඩා දැමීමට අවශ්‍ය වනු ඇති බවයි.
එසේම, ගින්නෙන් බලාගාරයේ න්‍යෂ්ටික ආරක්ෂාවට අනතුරක් නොවූවත්, එම සිද්ධිය බලාගාරය කෙරෙහි පවතින අඛණ්ඩ ආරක්ෂක අවදානම යළි අවධාරණය කර ඇති බව ද ඔහු පැවසීය. න්‍යෂ්ටික අනතුරු වැළැක්වීම සඳහා ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය කැප වි ක්‍රියාකරන බව ද Rafael Grossi මහතා යළි අවධාරණය කළේය.
හෙතෙම සිය සංචාරය අතරතුර, යුක්රේන ජනාධිපති ව්ලැද්මීර් සෙලෙන්ස්කි මහතා කියෙව් අගනුවර දී හමුවී සාකච්ඡා පැවැත්වීය. මෑතක දී එරටට එල්ල වූ ප්‍රහාරවල දී බහුල වශයෙන් ඉලක්ක කර ඇති වැදගත් බලශක්ති යටිතල පහසුකම් ව්‍යුහය ආරක්ෂා කිරීම සඳහා යුක්රේනයට සහාය වන බවට ද Grossi මහතා එහිදී ප්‍රතිඥා දුන්නේය.