චීන සහ මැඩගස්කර ජනපතිවරුන් හමු වෙති
2024-09-06 19:12:08
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද (6) පස්වරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේදී චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ නායක සමුළුවට සහභාගී වීම සඳහා චීනයට පැමිණ සිටින මැඩගස්කර ජනරජයේ ජනාධිපති Andry Rajoelina මහතා හමුවිය.

චීන-මැඩගස්කර සබඳතාව පූර්ණ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරී සම්බන්ධතාවය දක්වා උසස් කරන බවට නායකයන් දෙදෙනා ප්‍රකාශයට පත් ක‍ළහ.

මැඩගස්කරය සමඟ හුවමාරු සහ සහයෝගීතාව ශක්තිමත් කිරීමටත් ප්‍රායෝගික සහයෝගීතාව පුළුල් කිරීමටත් චීනය කැමැත්තෙන් සිටින බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය. මැඩගස්කරය යනු චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ පළමු ආරම්භක රටවලින් එකක් වන අතර සංසදයේ සංවර්ධනය සඳහා ධනාත්මක දායකත්වයක් ලබා දී ඇත. චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ බෙයිජිං සමුළුවේ ප්‍රතිඵල සක්‍රියව ක්‍රියාත්මක කිරීමට සහ චීන-මැඩගස්කර හා චීන-අප්‍රිකා සබඳතාවල අඛණ්ඩ හා ගැඹුරු සංවර්ධනය සඳහා නව ජවයක් එන්නත් කිරීමට මැඩගස්කරය සමඟ කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ඔහු පැවසීය.

චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ බෙයිජිං සමුළුව සාර්ථක ලෙස සත්කාරකත්වය සැපයීම සම්බන්ධයෙන් Andry Rajoelina මහතා චීනයට සුබ පැතුම් පළ කළේය. චීනයේ උපකාරයට ස්තූතිය පළ කරමින් ඔහු පැවසුවේ, මැඩගස්කරය දෙමුහුන් සහල් තාක්ෂණය වැඩිදියුණු කර ආහාර සුරක්ෂිතතාව සහතික කර ඇති බවයි. මැඩගස්කරය“එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ ඒකාබද්ධව ගොඩනැගීම සහ ගෝලීය සංවර්ධන මුලපිරුම, ගෝලීය ආරක්ෂක මුලපිරුම සහ ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාකාරීව සහභාගී වීමට තරයේ කැපවී සිටින බව ඔහු පැවසීය.

ගුවන් විදුලිය
20241012සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම