කොළඹ වරාය නගරයේ ඉදිකළ තීරුබදු රහිත සාප්පු සංකීර්ණය විවෘත කෙරේ
2024-09-06 14:54:14
Share with:

කොළඹ වරාය නගරයේ ඉදිකළ “The Mall” තීරුබදු රහිත සාප්පු සංකීර්ණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පස්වරුවේ විවෘත කෙරිණ.

මෙම කලාපයේ ඉදිකරන ලද ප්‍රථම නාගරික තීරුබදු රහිත සාප්පු සංකීර්ණය මෙයයි. භාණ්ඩ අලෙවිසැල්, ආපන ශාලා සහ අනෙකුත් වෙළෙඳසැල්වලින් එම සාප්පු සංකීර්ණය සමන්විතය.

මෙහි One World, China Duty Free Group (CDFG) සහ Flemingo යන ලොව ප්‍රකට තීරුබදු රහිත වෙ‍ළෙඳ සැල් සිය මෙහෙයුම් කටයුතු ඇරඹීමට නියමිත අතර ඒ සමග කොළඹ වරාය නගරය මෙම කලාපයේ සාප්පු සවාරි ගමනාන්තයක් ලෙස පිළිගැනීමට ලක්වනු ඇත.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ, IMF සහ මෙරට විදෙස් ණයහිමියන් සමග ඇති කරගෙන තිබෙන ගිවිසුම් සංශෝධනය කිරීමට ගියහොත් ඉදිරිය ගැන බලාපොරොත්තු තබාගත නොහැකි බවයි.

ආරම්භ කළ වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යාමෙන් රටට යහපත් අනාගතයක් උදාවෙනු ඇතැයි ද ජනපතිවරයා පැවසීය.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම