චීන ජනපති සුඩාන ස්වෛරීත්ව කවුන්සිලයේ සභාපති හමු වෙයි
2024-09-06 19:47:49
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සුඩානයේ ස්වෛරීත්ව කවුන්සිලයේ සභාපති Abdel Fattah Al-Burhan මහතා හමු වෙයි. හමුව අද(06) පස්වරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේදී පැවැත්විණ. 2024 චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ නායක සමුළුවට එක්වීම සඳහා Al-Burhan මහතා බෙයිජිං නුවරට පැමිණ සිටී.

චීනය හා සුඩානය සැප දුක බෙදා ගන්නා සහෝදරයන් බව ෂී ජින්පිං මහතා පැවසීය. සුඩානය සමග එක්ව විවිධ ක්ෂේත්‍රයන් හි අදහස් හුවමාරු හා සහයෝගිතා පුළුල් කරමින් දෙරට උපායමාර්ගික හවුල්කාරීත්වය ස්ථිර අයුරින් තහවුරු කිරීමට චීනය සූදානම් වෙයි. ජගත් සංවිධානය ඇතුළු බහුපාර්ශ්වික ආයතනවල දී සුඩානයේ අයිතිවාසිකම්වලට අඛණ්ඩ ව සහාය දක්වා සුඩාන ගැටළුව දේශපාලනික ක්‍රමයෙන් නිරාකරණය කිරීම උදෙසා මනා වටපිටාවක් සැපයීමට චීනය කැමැත්තෙන් සිටින බව ද ෂී ජින්පිං ජනාධිපතිවරයා කියා සිටියේය.

චීනය යටිතල පහසුකම් රැසක් ඉදි කිරීමෙන් සුඩානයේ ආර්ථික සංවර්ධනය හා ජීවනෝපාය වැඩිදියුණු කිරීමට මහඟු දායකත්වයක් ලබා දී ඇතැයි Abdel Fattah Al-Burhan මහතා පැවසීය. මේ පිළිබඳව තම රටේ ජනතාව කෘතඥාව පළ කරති. චීනය සමග එක්ව, මෙවර චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ නායක සමුළුවේ එළඹි එකඟතා සක්‍රිය අයුරින් අනුගමනය කර දෙර‍ට උපායමාර්ගික හවුල්කාරීත්වය තවදුරටත් තහවුරු කිරීමට සුඩානය කැමති බව ද හෙතෙම කියා සිටියේය.

ගුවන් විදුලිය
20241012සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම