චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සෝමාලියානු ජනාධිපති Hassan Sheikh Mohamud මහතා හමු වෙයි. හමුව අද(06) උදෑසන බෙයිජිං හි මහජන මහා ශාලාවේ දී පැවැත්විණ. Mohamud මහතා 2024 චීන-අප්රිකානු සහයෝගිතා සංසදයේ නායක සමුළුවට එක්වීම සඳහා බෙයිජිං නුවරට පැමිණ සිටී.
චීන- සෝමාලියානු විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය සංවර්ධනය කරන බව නායක දෙපළ එහි දී ප්රකාශ කළහ.
චීනය සහ සෝමාලියාව අතර මිත්රත්වයට දිගු ඉතිහාසයක් තිබෙන අතර සෝමාලියාව නව චීනය සමඟ රාජ්ය තාන්ත්රික සබඳතා ගොඩනැගීමේ පළමු නැගෙනහිර අප්රිකානු රට බව ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේ ය. සෝමාලියානු ආර්ථිකය සහ සමාජය සංවර්ධනය කිරීමට අඛණ්ඩව සහය ලබාදීමට චීනය කැමැත්තෙන් සිටී. චීන-අප්රිකානු සහයෝගිතා සංසදයේ බෙයිජිං සමුළුව ඊට අවස්ථාවක් ලෙස යොදා ගෙන දෙරටේ ආර්ථිකය, වෙළඳ, ධීවර, මානව සම්පත් පුහුණුව සහ අනෙකුත් ක්ෂේත්රවල සහයෝගීතාව ශක්තිමත් කරන බව ඔහු සඳහන් කර ඇත.
සමුළුවේ සමාරම්භක උත්සවයේදී සඳහන් වූ නවීකරණ හවුල්කාරිත්වය චීනය සහ අප්රිකාව එක්ව ප්රවර්ධනය කිරීම පිළිබඳ නව පියවර ඇතුළුව, ජනාධිපති ෂී ජින්පිං මහතා ඉදිරිපත් කළ පොදු ඉරණමක් සහිත මානව ප්රජාව යන වැදගත් ගෝලීය මුලපිරුම් මාලාව සෝමාලියාව බෙහෙවින් අගය කරන බව Mohamud මහතා පැවසීය. සෝමාලියාව චීනය සමඟ මිත්රශීලී සහයෝගී සබඳතා අඛණ්ඩව ගැඹුරු කිරීමට අපේක්ෂා කරන බවත් ඔහු ප්රකාශ කර ඇත.
එම සමුළුව අතරතුර, චීනය සහ සෝමාලියාව ගුවන්විදුලි, රූපවාහිනී සහ අනෙකුත් ක්ෂේත්රවල ද්විපාර්ශ්වික සහයෝගිතා ලේඛනවලට අත්සන් කර ඇත.