චීන අප්‍රිකා සහයෝගතා සංසදයේ බෙයිජිං සමුළුව බොහෝ අප්‍රිකානු රටවල මාධ්‍යයන්හී ඉහළ අවධානයට
2024-09-06 10:50:24
Share with:

චීන අප්‍රිකා සහයෝගතා සංසදයේ බෙයිජිං සමුළුව කෙරෙහි බොහෝ අප්‍රිකානු රටවල මාධ්‍ය අවධානය යොමු කරයි.

එම සමුළුව මීළඟ අදියරේ චීන-අප්‍රිකා සහයෝගීතාව ගැඹුරු කිරීමට මග පෙන්වන බව රුවන්ඩාවේ ප්‍රධාන මාධ්‍ය ආයකනයක් වන නව යුගය පුවත්පත ලිපියක්  පළ කරමින් සඳහන් කර ඇත.

දකුණු අප්‍රිකාවේ රාජ්‍ය තාන්ත්‍රික කවයේ පුවත්පතේ නිර්මාතෘවරයා ලිපියක්  පළ කරමින් සඳහන් කළේ, හවුල් දැක්ම, උපායමාර්ගික සන්නිවේදනය සහ උසස් තත්ත්වයේ සංවර්ධන ප්‍රතිඥාව තුළින්, චීන-අප්‍රිකා සබඳතාවේ සමෘද්ධිමත් සහ සමබර නව ගෝලීය යුගයක් ගොඩනැගීමට උපකාරී වනු ඇති බවයි.

ඝානාවේ Ghana.com වෙබ් අඩවිය ඊයේ (5)  " චීන අප්‍රිකා සහයෝගතා සංසදයේ බෙයිජිං සමුළුව: චීන-අප්‍රිකා සබඳතාවේ නව යුගය" මැයෙන් ලිපියක් පළ කළේය. අන්‍යෝන්‍ය ගෞරවය, පොදු සංවර්ධනය මත පදනම්ව පොදු අනාගතයක් ගොඩනැගීම ද්විපාර්ශ්වික සබඳතාවේ අරමුණ බවත්, එය උසස් තත්ත්වයේ පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කරන බවත් එම  ලිපියේ සඳහන් වෙයි.

එම සමුළුව චීන-අප්‍රිකා සබඳතාව ශක්තිමත් කිරීමේ ප්‍රධාන පියවරක් වන අතර, ඉන් කර්මාන්ත, කෘෂිකර්මාන්තය, බලශක්තිය සහ ඩිජිටල් තාක්‍ෂණ ඇතුළු ක්ෂේත්‍රවල වර්ධනයක් අපේක්ෂා කළ හැකි බවත් සෙනගාල ජනාධිපති Bassirou Diomaye Faye මහතා ඊයේ (5) සමාජ මාධ්‍ය ඔස්සේ පැවසීය.


ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම