පළාත් පාලන ඡන්දයට නාමයෝජනා යළි කැඳවයි
2024-09-06 15:17:35
Share with:

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය සහ ඡන්ද අපේක්ෂකත්වය ලැබීමේ අයිතිය සඳහා නාමයෝජනා නැවත කැඳවීමට අවශ්‍ය විධිවිධාන සලසා දීමට කැබිනට් අනුමැතිය හිමි විය.‍

2023-03-09 වැනි දින පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල් දැමිණ. 2024 වර්ෂයේ අලුත් කරන ලද ඡන්ද හිමි නාම ලේඛනයෙහි නම ඇතුළත්ව ඇති 900,000කට අධික ඡන්ද දායක පිරිසකට ඉදිරි ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලබා දීම සහ ඡන්ද අපේක්ෂකත්වය ලැබීමට ඇති අයිතිවාසිකම අහිමි වීම වැළැක්වීමට මෙය ක්‍රියාවට නැංවේ.

එම නිසා නැවත නාමයෝජනා කැඳවීමට මැතිවරණ කොමිෂන් සභාව වෙත අවශ්‍ය බලතල ලැබෙන පරිදි, පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීමට පියවර ගෙන ඇත.

 

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම