චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ලයිබීරියා ජනරජයේ ජනාධිපති Joseph Nyumah Boakai මහතා හමු වෙයි. හමුව අද(06) දහවල් බෙයිජිං හි මහජන මහා ශාලාවේ දී පැවැත්විණ. 2024 චීන-අප්රිකානු සහයෝගිතා සංසදයේ නායක සමුළුවට එක්වීම සඳහා Joseph Nyumah Boakai මහතා බෙයිජිං නුවරට පැමිණ සිටී.
චීන-ලයිබීරියා සබඳතාව උපායමාර්ගික හවුල්කාරීත්වය දක්වා ඉහළ නංවන බව නායක දෙපළ ප්රකාශයට පත් කළහ.
මෑත වසර වලදී ඉබෝලා වෛරසය(Ebola) මෙන්ම නව කොරොනා වසංගතය මර්දනය කිරීම සඳහා චීනය හා ලයිබීරියාව එක්ව ඇපකැප ව සිටි බවත් රටේ සංවර්ධනයේ දී ද අවංක හැඟීමෙන් සහයෝගිතා පවත්වා ඇති බවත් ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේය. Boakai ජනාධිපතිවරයා එකම චීනය යන මූලධර්මය දැඩි ව අනුගමනය කිරීම පිළිබඳව චීනය අගය කරන බව අවධාරණය කළ ෂී ජින්පිං මහතා, ලයිබීරියාව සමග එක්ව, අදහස් හුවමාරු තහවුරු කිරීම චීනයේ අපේක්ෂාවක් බව පැවසීය. ලයිබීරියාවේ යටිතල පහසුකම් ඉදි කිරීම් වෙනුවෙන් සහාය දැක්වීමට චීනය සූදානම් බව ද ෂී ජින්පිං මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
දිගු කාලයක් තුළ, චීනය තම රට වෙත සපයා ඇති අගනා අනුබලය පිළිබඳව Boakai ජනාධිපතිවරයා සිය කෘතඥාව පළ කළේය. චීන-අප්රිකානු සහයෝගිතා සංසදයේ මෙවර නායක සමුළුවේ එකඟතාවන් ක්රියාවට නැංවීම නිමිති කරගෙන දෙරටේ විවිධ ක්ෂේත්රවල සාධනීය සහයෝගිතා තහවුරු කරමින් තම රටේ නවීකරණය සාක්ෂාත් කරගැනීමට පිටුබලයක් ලැබෙනු ඇතැයි හෙතෙම අපේක්ෂා පළ කළේය.