Michel Barnier නිල වශයෙන් ප්‍රංශ අගමැති ධුරයට පත් වේ
2024-09-06 13:55:08
Share with:

ප්‍රංශයේ නව අගමැතිවරයා ලෙස Michel Barnier මහතා නිල වශයෙන් පත් වෙයි. Gabriel Attal මහතාගෙන් පසුව නව අගමැතිවරයා වෙත ප්‍රංශ අගමැති කාර්යාලය භාරදීමේ උත්සවයක් ඊයේ(5) සවස පැවැත්විණ.

එම උත්සවයේ දී ප්‍රංශ ජනාධිපති Emmanuel Macron මහතා නව ප්‍රංශ අග්‍රාමාත්‍යවරයා ලෙස Michel Barnier මහතා පත් කර තිබේ. 73 හැවිරිදි Barnier මහතා කිහිප වතාවක්ම රජයේ අමාත්‍යවරයකු ලෙස ද දෙවරක් යුරෝපා සංගමයේ කොමසාරිස්වරයකු ලෙස ද කටයුතු කර ඇත. 2016 සිට, ඔහු බ්‍රිතාන්‍යයේ "බ්‍රෙක්සිට්" කටයුතු භාර යුරෝපා සංගමයේ ප්‍රධාන සම්බන්ධීකාරක ලෙස සේවය කළේය.

ජූනි මස මුල පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී, ප්‍රංශ පාලක පක්ෂය වන එන්නහ්ඩාට ලැබුනේ අන්ත දක්ෂිනාංශික ජාතික සන්ධානයට වඩා බෙහෙවින් අඩු ඡන්ද ප්‍රමාණයකි. එබැවින් Emmanuel Macron මහතා ජාතික සභාව විසුරුවා හැරීම නිවේදනය කළ අතර නව ජාතික සභාවක් සඳහා හදිසි මැතිවරණයක් පැවැත්වීය. ජුලි 16 වැනිදා එවකට අගමැති Gabriel Attal මහතාගේ ඉල්ලා අස්වීම Macron මහතා අනුමත කළේ ය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම