ලංකාවේ ස්ථාන 20ක සූර්ය බලාගාර ඉදි කිරීමට පියවර
2024-09-05 14:32:36
Share with:
මෙගාවොට් 1 සිට 5 දක්වා වන ධාරිතාවන්ගෙන් යුත් මෙගාවොට් 165ක සමස්ථ ධාරිතාවකින් සමන්විත භූමිය මත ඉදිකෙරෙන සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා විදුලි බලාගාර ස්ථාපනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වෙයි.
ඒ අනුව විවිධ පළාත් හි උප පොළ 21ක් සඳහා මෙගාවොට් 165ක ව්‍යාපෘති සංවර්ධනය කිරීම සඳහා තරගකාරී යෝජනා කැඳවා තිබේ.
අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුව විසින් අදාළ ළංසු කැඳවීමෙන් අනතුරුව තෝරාගන්නා ළංසුකරුවන් වෙත කොන්ත්‍රාත් පිරිනැමීම සඳහා විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි විය.