ගෝලීය භාණ්ඩ වෙළඳාමේ ධනාත්මක ප්‍රවණතාවක්
2024-09-05 09:44:48
Share with:

ලෝක වෙළඳ සංවිධානය (WTO) ඊයේ(04) නිකුත් කළ භාණ්ඩ වෙළඳ බැරෝමීටරය මගින් පෙන්නුම් කරනුයේ ගෝලීය භාණ්ඩ වෙළඳාම 2024 වසරේ තෙවන කාර්තුවේදී ප්‍රකෘතිමත් වී ඇති බවයි.

භාණ්ඩ වෙළඳ බැරෝමීටරය ගෝලීය වෙළඳාම සඳහා ප්‍රධාන සංයුක්ත දර්ශකයක් වන අතර එහි අගය 103ක් ලෙස සටහන් වීම නව කියවීමකි. මෙම දර්ශකයේ 100 ට වැඩි අගයකින් ඉහළ නැමියාවක වෙළඳ පරිමාවක් පෙන්නුම් කරන අතර 100 ට අඩු අගයකින් භාණ්ඩ වෙළඳාම සාමාන්‍යය මට්ටමට වඩා පහත වැටී ඇති බව හෝ නුදුරේදී එසේ වීමට ඉඩ ඇති බව නිගමනය කළ හැක.

දර්ශකයේ අගය 103ක් ලෙස සටහන් වීමෙන් මෙම වසරේ දෙවන හා තෙවන කාර්තුවල වෙළඳ භාණ්ඩ පරිමාවේ වර්ධනය ධනාත්මකව පවතිනු ඇතැයි නිගමනය කළ හැකි ය. නමුත් මෙම දර්ශකය යහපත් ප්‍රවණතාවක් පෙන්නුම් කළ ද , වර්ධනය වන භූ දේශපාලන ආතතීන්, විවිධ කලාපීය ගැටුම්,  දියුණු ආර්ථිකයන්හි මූල්‍ය ප්‍රතිපත්ති වෙනස් කිරීම සහ අපනයන ඇණවුම් දුර්වල වීම හේතුවෙන් ගෝලීය වෙළඳාමේ ඉදිරි දැක්ම ඉතා අවිනිශ්චිත විය හැකි බව ද ලෝක වෙළඳ සංවිධානය වැඩිදුරටත් සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම