ජාත්‍යන්තර න්‍යෂ්ටික නිරායුධකරණය පුළුල් කළ යුතු බව චීනය අවධාරණය කරයි
2024-09-05 15:18:12
Share with:

න්‍යෂ්ටික අවි ව්‍යාප්ත නොකිරීමේ සම්මුතිය පදනම ලෙස පවතින, ජාත්‍යන්තර න්‍යෂ්ටික නිරායුධකරණය සහ න්‍යෂ්ටික අවි ව්‍යාප්ත නොකිරීමේ කාර්ය පද්ධතිය ආරක්ෂා කරන ලෙස චීනය ඉල්ලා සිටී. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නිත්‍ය නියෝජිත කාර්යාලයේ අමාත්‍ය Ren Hongyan මහතා, එක්සත් ජාතීන්ගේ "න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ජාත්‍යන්තර දිනය" නිමිත්තෙන් ඊයේ(4) පැවති ඉහළ පෙළේ රැස්වීමේදී අදහස් දක්වමින් ඒ බව කියාසිටියේය.

න්‍යෂ්ටික නිරායුධකරණ ක්‍රියාවලිය ප්‍රවර්ධනය සඳහා තාර්කික හා ප්‍රායෝගික ආකල්පයක් අනුගමනය කරන ලෙසත්, පොදු ආරක්ෂාව සාක්ෂාත් කර ගැනීම සඳහා වැඩි උත්සාහයක් ගන්නා ලෙසත් ඔහු එහිදී ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියේ ය.

න්‍යෂ්ටික අවි සම්පූර්ණයෙන් තහනම් කිරීමෙන් හා විනාශ කිරීමෙන් එම අවිවලින් තොර ලෝකයක් සහතික කිරීම සමස්ත මානව වර්ගයාගේ පොදු අවශ්‍යතාවලට අනුකූල වන අතර, එය චීනයේ ස්ථාවරය ද වන බව Ren Hongyan මහතා සඳහන් කළේ ය. වර්තමාන ලෝකයේ ජාත්‍යන්තර ආරක්ෂක පරිසරය අවුල් සහගතව පවතින අතර, විවිධ සිදුවීම්වලින් පිරී පවතී. මේ තත්ත්වය හමුවේ සියලු රටවල් සීතල යුද මානසිකත්වයට සහ කඳවුරු ගැටුමට අධිෂ්ඨානශීලීව එරෙහි විය යුතු වේ. එසේම, න්‍යෂ්ටික නිරායුධකරණ ක්‍රියාවලිය ද තාර්කික හා ප්‍රායෝගික ආකල්පයකින් ප්‍රවර්ධනය කළ යුතු බව ද Ren Hongyan මහතා එහිදී පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම