චීන ජනාධිපති ෂී ජින් පිං මහතා නැමීබියානු ජනාධිපති Nangolo Mbumba මහතා හමු වෙයි. එම හමුව අද(5) පස්වරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේදී පැවැත්විණ. 2024 චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ නායක සමුළුව සඳහා Mbumba මහතා බෙයිජිං නුවරට පැමිණ සිටී.
චීන-අප්‍රිකා සහයෝගිතා සංසදයේ නායක සමුළුවේ සම්පූර්ණ සාර්ථකත්වය සඳහා Mbemba මහතා දැරූ ධනාත්මක උත්සාහයන් තමා අගය කරන බව ෂී ජින් පිං මහතා එම හමුවේදී පෙන්වා දුන්නේය. චීන-අප්‍රිකා පොදු සංවර්ධනය හා සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීම සඳහා නැමීබියාව ඇතුළු අප්‍රිකානු රටවල් සමඟ එක්ව මෙවර සමුළුවේ එළඹි විවිධ ප්‍රතිඵල සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට චීනය සූදානමින් සිටින බව ෂී ජින් පිං මහතා පැවසීය.
අද උදෑසන පැවති එම සමුළුවේ සම්මත කෙරුණු ප්‍රතිඵල ලියවිලි දෙක අප්‍රිකා-චීන මිත්‍රත්වය තහවුරු කොට විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා පුළුල් කිරීමට හිතකර වන බව Mbumba මහතා එහිදී සඳහන් කළේය. එම සමුළුවේ ප්‍රතිඵල සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරමින් චීනය සමඟ කෘෂිකර්මය හා යටිතල පහසුකම් යනාදී ක්ෂේත්‍රවල සහයෝගිතා ශක්තිමත් කිරීමට නැමීබියාව කැමැත්තෙන් සිටින බව හෙතෙම කියා සිටියේය.