චීනය අප්‍රිකානු ආර්ථික සංවර්ධනයට අනුබල දුන් බව ස්පාඤ්ඤ විශේෂඥයෙක් පවසයි
2024-09-05 15:00:38
Share with:

චීනය අප්‍රිකානු ආර්ථික සංවර්ධනයට අනුබල දුන් බව ස්පාඤ්ඤයේ චීනය පිළිබඳ විශේෂඥ Xulio Rios මහතා පසුගිය දා එරටේ “චීන ප්‍රතිපත්ති නිරීක්ෂණ වෙබ් අඩවියේ ” ලිපියක් නිකුත් කරමින්  ප්‍රකාශ කළේය.

චීන කෘෂි‍කාර්මික සංවර්ධන මාර්ගය ගොවි ආර්ථිකය මූලික කොට ගත් අප්‍රිකාවට වැදගත් අර්ථයක් හිමිවන බව “චීනය අප්‍රිකාවේ ස්වරූපය වෙනස් කිරීම” නම් එම ලිපියේ දැක්වේ. අප්‍රිකාවේ කෘෂිකාර්මික නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම සඳහා එහි කෘෂි ආර්ථිකයටත්, ගැමි ජනතාවටත් සහය දෙන චීනය එම කලාපයේ කුසගින්න තුරන් කිරීමෙහි නියැලී සිටියි. එමෙන්ම චීනය අප්‍රිකාවේ කෘෂිකාර්මික වෘත්තිකයන් සඳහා පුහුණු අවස්ථා දහස් ගනණාවක් ලබා දුන් බවද එම ලිපියේ දැක්වේ. 

වර්තමානයේ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ රාමුව යටතේ, චීන-අප්‍රිකානු වෙළඳ ආයෝජන සහයෝගිතාව ස්ථාවරව පුළුල් වෙමින් පවතී. 2023 වසරේ චීන-අප්‍රිකානු වෙළඳ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 282.1කට ළඟා වූ අතර චීනය වසර 15ක් අඛණ්ඩව අප්‍රිකාවේ විශාලතම වෙළඳ හවුකාරී රට බවට පත්විය.

ගතවූ වසර 3ක කාලය තුළ, චීන ව්‍යවසායන් අප්‍රිකාවට රැකියා නියුක්ති අවස්ථා විශාල ප්‍රමාණයක් ලබා දී තිබේ. චීන ආයෝජනය සහිත ආර්ථික වෙළඳ කලාපවලට, කෘෂි කර්මාන්තය, පිරිසැකසුම හා නිෂ්පාදනය, භාණ්ඩ ප්‍රවාහන යන ක්ෂේත්‍ර ඇතුළත්ය. ව්‍යවසායන් දහස් ගනණාවක් ආකර්ෂණය කෙරෙන අදාළ ආර්ථික වෙළඳ කලාපවල ප්‍රාදේශීය බදු  ආදායම වැඩි කිරීම හා අපනයන මගින් විදේශ විනිමය ලබා ගැනීම සඳහා වැදගත් දායකත්වයන් සපයා ඇති බවද එම ලිපියේ දැක්වේ.

චීනයේ ණය ප්‍රතිපත්ති කෙරෙහි විවිධ පදනම් විරහිත විවේචන  පැවතියද එවැනි හඬට වඩා වෙනස්ව, චීනය අප්‍රිකානු රටවලට විවිධ මාර්ග හරහා ණය පීඩනය ලිහිල් කිරීමට සහාය දෙමින් සිටින බව ද ස්පාඤ්ඤ විශේෂඥ Xulio Rios මහතාගේ ලිපියේ දැක්වේ. 

ගුවන් විදුලිය
20241015අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම