උප්පැන්න, විවාහ සහ මරණ සහතික සත්‍යාපනය කිරීම මාර්ගගත ක්‍රමයට
2024-09-05 14:37:58
Share with:

උප්පැන්න, විවාහ සහ මරණ සහතික මාර්ගගතව සත්‍යාපනය කිරීමේ නව ක්‍රමවේදයක් හදුන්වාදීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව මෙම නව ක්‍රමවේදය ක්‍රියාත්මක කෙරේ.

මෙම නව මාර්ගගත ක්‍රියාවලිය ඔස්සේ ශ්‍රී ලාංකික පුරවැසියන්ට කොන්සියුලර් කටයුතු අංශයේ මාර්ගගත සැලසුම හරහා ඔවුන්ගේ උප්පැන්න, විවාහ සහ මරණ සහතික සත්‍යාපනය කරගැනීම සඳහා ඉල්ලුම් කළ හැකිය.

ඒ අනුව, අමාත්‍යාංශයට පැමිණ අයදුම් කිරීමේ අවශ්‍යතාව හෝ සත්‍යාපනය කරන ලද ලේඛන ලබාගැනීමට පැමිණීමේ අවශ්‍යතාව ඉවත් කරමින් සත්‍යාපිත සහතික, අයදුම්කරු වෙත විද්‍යුත් තැපෑලෙන් යවනු ලැබේ.

මේ අතර, කොන්සියුලර් කටයුතු අංශය ලේඛන සත්‍යාපනය කිරීමේ සේවාවන් මහජනතාවට ඵලදායී ලෙස ලබාගත හැකි වනපරිදි එහි විද්‍යුත් ලේඛන සත්‍යාපන පද්ධතිය (e-DAS) දේශීය විශ්වවිද්‍යාල, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, ශ්‍රී ලංකා පොලීසිය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව, සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව,  බ්‍රිතාන්‍ය කවුන්සිලය හා වෙ‍ළෙඳ මණ්ඩල ඇතුළු අනෙකුත් ප්‍රධාන රාජ්‍ය අධිකාරීන් සහ ආයතන සමග ඒකාබද්ධ කරමින් මාර්ගගත ලේඛන සත්‍යාපන සේවා වැඩිදියුණු කිරීමට ද පියවර ගෙන ඇත.

 

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම