චීන-ගැබොන් ජනපතිවරු හමු වෙති
2024-09-04 19:09:10
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ නායක සමුළුවට සහභාගී වීම සඳහා චීනයට පැමිණ සිටින ගැබොන් ජනරජයේ ජනාධිපති Brice Oligui Nguema මහතා හමු වෙයි. අද (4) පස්වරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේදී එම හමුව පැවැත්විණ.

චීනය සහ ගැබොන් ජනරජය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 50 වැනි සංවත්සරය මෙම වසරට සමගාමීව පැවැත්වෙන බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය. චීනය ගැබොන් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීමේ මුල් අභිප්‍රාය සිහිපත් කරමින් සිය සාම්ප්‍රදායික මිත්‍රත්වය දිගටම පවත්වා ගෙන යාමටත්, කාලීන අවස්ථා ප්‍රයෝජනයට ගැනීමට මෙන්ම චීන-ගැබොන් පූර්ණ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරී සම්බන්ධතාව සඳහා දීප්තිමත් අනාගතයක් නිර්මාණය කිරීමටත් කැමැත්තෙන් සිටින බව ඔහු පැවසීය.

මෙවර චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ නායක සමුළුව නිමිති කරගෙන ගැබොන්හි ආර්ථික විවිධාංගීකරණයට සහ පරිවර්තනයට උපකාර කිරීම සඳහා යටිතල පහසුකම්, කෘෂිකර්මය, සෞඛ්‍යය, ඩිජිටල් ආර්ථිකය සහ අනෙකුත් ක්ෂේත්‍රවල දෙරට අතර සහයෝගීතාව ගැඹුරු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.

තම රට එකම චීනය යන ප්‍රතිපත්තියට දැඩිව අනුගත වන බවත් චීනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 50 වැනි සංවත්සරය සැමරීමට කැමැත්තෙන් සිටින බවත් ගැබොන් ජනාධිපති Brice Oligui Nguema මහතා පැවසීය. එසේම, “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ ඒකාබද්ධව ගොඩනැගීමේ සහයෝගීතාවයට තම රට ක්‍රියාකාරීව සහභාගී වන බවත්, ගැබොන් සහ චීනය අතර පූර්ණ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරී සම්බන්ධතාව ශක්තිමත් කිරීමට සහ ගැඹුරු කිරීමට දිගටම කටයුතු කරන බවත් ඔහු පැවසීය.

නායක සමුළුව අතරතුර, චීනය සහ ගැබොන් ජනරජය ආයෝජන සහ ආර්ථික සහයෝගීතාව, යටිතල පහසුකම් ඉදිකිරීම වැනි ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගිතා ලේඛන ගණනාවකට ද අත්සන් තැබිණ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම