චීන අප්‍රිකා සහයෝගතාවන් මත විමසුමකට එක්වූ බහුතර තරුණ පිරිසකගේ ඉහළ ඇගයීමට
2024-09-04 11:32:38
Share with:

චීන අප්‍රිකා සහයෝගතාවන් තුළින් ලබා ඇති ජයග්‍රහණ මත විමසුමකට එක්වූ බහුතර තරුණ පිරිසකගේ ඉහළ ඇගයීමට ලක්වෙයි. 

CGTN නාළිකාව හා රෙන්මින් විශ්ව විද්‍යාලය නව යුගයේ අප්‍රිකානු ප්‍රතිචාර දක්වන්නන් සඳහා වන ජාත්‍යන්තර සංනිවේදන ආයතනය හරහා එම සමීක්ෂණය සිදු කර තිබේ.ඊට එක්වූ බහුතර පිරිස සඳහන් කර ඇත්තේ නවීකරණය සඳහා අප්‍රිකාව යන ගමනේ වඩාත් විශ්වසනීය හවුල්කරුවෙකු ලෙසට චීනය සැලකිය හැකි බවයි. 

මෙම සමීක්ෂණය සඳහා වයස අවුරුදු 18ත් 24ත් අතර වයසේ පසුවන තරුණ පිරිස් සහභාගී වූහ. නවීකරණය සඳහා චීන මාවතේ මූලධර්මයන් හා ජයග්‍රහන ඔවුන්ගේ පූර්ණ පිළිගැනීමට ලක්ව තිබේ.චීනය හා අප්‍රිකාව අතර විවිධ ක්ෂේත්‍රවල සහයෝගතාවන් තුළින් ලබා ඇති ප්‍රායෝගික ප්‍රගතිය ඔවුන්ගේ ඉහළ ඇගයීමට ලක්විය.එම සමීක්ෂණයට එක්වූ සියයට 98.7ක පිරිසක් චීනය සාර්ථක රටක් ලෙසට හඳුන්වා දී තිබේ.සියයට 96.1 ක පිරිසක් පවසා ඇත්තේ චීනය වැදගත් රටක් බවයි. තවත් සියය‍ට 94.4ක පිරිසක් චීනය ගෞරවාන්විත රටක් ලෙසට හඳුන්වා දී ඇති අතර සියයට 96.7 ක පිරිසක් පවසා ඇත්තේ සංචාර හෝ අධ්‍යාපන හෝ වෙනුවෙන් අනාගතයේදී චීනය තෝරා ගන්නා බවයි. චීනයේ ආර්ථික හා විද්‍යා තාක්ෂණ අංශයේ දියුණුව ඔවුන්ගේ ඉහළ පිළිගැනීමට ලක්ව තිබේ. චීන අප්‍රිකා ප්‍රායෝගික සහයෝගතා දෙපාර්ශවයේ සබඳතාවන් වඩාත් හිතකර සංවර්ධනයකට ගෙන යනු ඇති බවද ඔවුහූ සඳහන් කළහ. චීනය සමග වෙළඳ ගනුදෙනු සිදු කිරීම තුළින් අප්‍රිකානු රටවලට වඩාත් ප්‍රතිලාභ අත්වනු ඇතැයි ද එම සමීක්ෂණයට එක්වූ බහුතර තරුණ පිරිස් සඳහන් කළහ.






ගුවන් විදුලිය
20241015අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම