ගෝලීය සයිබර් ප්‍රජාවගේ දියුණුව පිළිබඳ න්‍යායාත්මක සම්මන්ත්‍රණය බෙයිජිං හි දී පැවැත්වේ. ගෝලීය සයිබර් අවකාශයේ පොදු අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනැගීම වෙනුවෙන් වන නව පියවරක් ලෙස මෙම සම්මන්ත්‍රණ ඊයේ(03) පැවැත්විණ.
ලෝක අන්තර්ජාල සම්මේලනය සංවිධානය කළ මෙම සම්මන්ත්‍රණයට චීනය, කොරියානු ජනරජය, එංගලන්තය, ප්‍රංශය, ස්විට්සර්ලන්තය සහ ඕස්ට්‍රේලියාව යනාදී රටවල අදාළ විශේෂඥයින් රැසක් සහභාගී වී ඇත.
සයිබර් අවකාශය තුළ පොදු අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනැගීමේ ගෝලීය වැදගත්කම, සයිබර් ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර සහයෝගිතාව සහ ගෝලීය සයිබර් අවකාශය පාලනය වැනි කරුණු පිළිබඳ එහිදී සාකච්ඡාවට ලක්ව තිබේ. එමෙන්ම සාධාරණත්වය සහ යුක්තිය ආරක්ෂා කර, අදාළ ක්ෂේත්‍රයේ සංවර්ධනය කරමින් එහි ප්‍රතිලාභ වැඩි පිරිසකට හිමි වන අයුරින් සාමූහිකව කටයුතු කිරීමේ අවශ්‍යතාව ද එහිදී අවධාරණය කර ඇත.