චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ නායක සමුළුවට එක් වන සම්භාවනීය අමුත්තන්ට චීන ජනපතිගෙන් භෝජන සංග්‍රහයක්
2024-09-04 20:01:30
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ ජනාධිපති ආර්යා පෙං ලියුවාන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ නායක සමුළුවට සහභාගි වන සම්භාවනීය අමුත්තන් වෙනුවෙන් භෝජන සංග්‍රහයක් පැවැත්වෙයි. ඒ අද (4) රාත්‍රියේ බෙයිජිං හි මහජන මහා ශාලාවේදී ය.

චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ නායකයන්ගේ මෙවර සමුළුව සියලු දෙනා සමඟ පිළිගැනීමට ලැබීම ගැන තමා ඉතා සතුටට පත්වන බව ෂී ජින් පිං මහතා පැවසීය. චීන රජය සහ ජනතාව වෙනුවෙන්  සිය  බිරිඳ සමඟ එක්ව සියලුම අමුත්තන් උණුසුම් ලෙස පිළිගැනීමට කැමති බව ඔහු පැවසීය.

වසර 24 කට පෙර, චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදය ආරම්භ විය. අතීතයේ හෝ වර්තමානයේ හෝ වේවා, චීනය සහ අප්‍රිකාව පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් ගොඩනැගීමේ පුරෝගාමීන් වේ. අනාගතයේදී චීනය සහ අප්‍රිකාව නවීකරණ ක්‍රියාවලියේ ඉදිරියෙන්ම සිටිනු ඇති බව ෂී ජින් පිං මහතා වැඩිදුරටත් පැවසීය.

මීට අමතරව, එහි දී සියළු දෙනා එක්ව සමූහ ඡායාරූපයකට පෙනී සිටියහ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම